අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අන්තරාල වෙළෙඳාම පිළිබඳ සම්මන්ත්‍රණය ජුලි 12දා

    ජූලි 01, 2017
    අන්තරාල වෙළෙඳාම පිළිබඳ සම්මන්ත්‍රණය - 2017 ජුලි 12දා අපනයන සංවර්ධන මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිතය.
     
    ශ්‍රී ලංකාවේ වර්තමාන අන්තරාල වෙළෙඳ පටිපාටි හා ක්‍රියාපිළිවෙල විස්තර කිරීම හා එම වෙළෙඳාම් කටයුතු සංවර්ධනය කරගැනීමේ දී පැන නගින ගැටලු හා වෙනත් කරුණු හඳුනාගෙන සාකච්ඡා කිරීමේ අරමුණින් යුතුව මෙම සම්මන්ත්‍රණය පැවැත්වෙනු ඇත.
     
    ශ්‍රී ලංකා සැපයුම් හා සේවා නැව් භාණ්ඩ ප්‍රවාහකයන්ගේ සංගමය, ශ්‍රී ලංකා නැව්කරුවන්ගේ සභාව, නැව්කරුවන්ගේ විද්‍යායතනය, අන්තරාල වෙළෙඳාම සහ සේවා සපයන්නන්ගේ ප්‍රජාව මෙන් අදාළ රාජ්‍ය ආයතනවල සහයෝගයෙන් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය මෙම සම්මන්ත්‍රණය සංවිධානය කරයි.
     
    මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 0112 300 705 හෝ www.srilankabusiness.com වෙතින් ලබාගත හැකිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya