අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අඩපණ වූ වාරි ව්‍යාපෘති කඩිනම් කිරීමට සැලසුම් - ඇමැති රංගේ බණ්ඩාර

    ජූලි 01, 2017
    අඩපණ වී ඇති සියලු ම වාරි ව්‍යාපෘති දියුණු කිරීමට අදාල වැඩ කටයුතු කඩිනමින් ආරම්භ කරන බව වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. 
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (30) ඉගිනිමිටිය වාරි ව්‍යාපාරයේ වම්ඉවුර, යාය 01 බෙදුම්ඇල ව්‍යාපෘතිය ප‍්‍රතිසංස්කරණය කර සංවර්ධනය කිරීම ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
     
    මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් ලක්‍ෂ 98 කි. මෙම වාරි ව්‍යාපෘතිය මගින් කාෂි කාර්මික ඉඩම් අක්කර 2000 ට පමණ ජලය සැපයීම සිදු වෙයි.
     
    පොහොර සහනාධාර පමණක් ලබා දීමෙන් ගොවිජනතාවගේ ජීවන තත්ත්වය දියුණු කළ නොහැකි බවත් ඉතිහාසය නිසි පරිදි වර්තමානයට ගලපා ගනිමින් කෘෂිකර්මාන්තය දියුණූ කළ යුතු බවත් ඒ වෙනුවෙන් වාරි මාර්ග වඩාත් දියුණු කිරීමට පියවර ගත යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි. 
     
    පසුගිය රජය සමයේ ක්‍රියාත්මක වූ  අවිධිමත් ව්‍යාපෘති හමුවේ ගැටළු රැසක් උද්ගතව ඇති බවත් පරිසරයට දැවැන්ත හානි සිදුවන බව දැන දැනම ආරම්භ කරන ලද ඇතැම් ව්‍යාපෘති සම්බන්ධයෙන් මේ වන විට බරපතල ගැටළු ඇති වී තිබෙන අතර ම ඒවාට විසඳුම් ලබා දීමට වත්මන් රජයට සිදුව ඇතැයි ද බවත් අමාත්‍යවරයා පැවසීය.
     
    ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ දොරටුව විවර වූ වර්තමානය අත්තනෝමතික ලෙස පරිහණය කිරීමට කිසිවෙකු හෝ පෙළබෙන්නේනම් එය නිවරදි කළ නොහැකි වරදක් ලෙස ඉතිහාසයේ සටහන් වනු ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya