මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කහවත්තට අංග සම්පූර්ණ වෙළද සංකීර්ණයක්

    ජූලි 01, 2017
    සබරගමුව පළාත් සභාව සහ කහවත්ත ප්‍රාදේශීය  සභාව එක්ව ඉදි කළ නව වෙළෙඳ සංකීර්ණය  පසුගියදා පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පැවරිණි.
     
    කහවත්ත නගර මධ්‍යයේ ඉදිකළ මෙම නව වෙළෙඳ සංකීර්ණය  සඳහා වැය වූ මුළු මුදල රුපියල් ලක්ෂ 400 කි. සියලු පහසුකම්වලින් සමන්විත මෙය කඩ කාමර 47කින් හා ශ්‍රවනාගාරයකින් ද යුක්තය.
     
    බදු හා කුලී පදනම මත මෙම කඩ කාමර හා ශ්‍රවනාගාරය ප්‍රදේශවාසීන් වෙත පවරා ඇති  අතර, ඉන් මාසිකව රුපියල් ලක්ෂ තුනක පමණ ආදායමක් කහවත්ත ප්‍රාදේශීය සභාව උපයයි.
     
    මෙම අවස්ථාවට පළාත් අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ, පළාත් සභා මන්ත්‍රීවරුන් වන නිලන්ත  ජයකොඩි, රම්‍ය කුමාර වීරසිංහ, අනුර අලගියවන්න සහ ප්‍රධාන ලේකම් හේරත් පී. කුලරත්න යන මහත්වරු සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya