අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පැල්මඩුල්ල ආර්ථික මධ්‍යස්ථානය ජනතා අයිතියට

    ජූනි 23, 2017
    පුරනැගුම ව්‍යාපෘතිය යටතේ  පැල්මඩුල්ල නගර මධ්‍යයේ ඉදිකළ නව ආර්ථික මධ්‍යස්ථානය පසුගිය සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා විසින් ජනතා අයිතියට පවරනු ලැබීය.
     
    සබරගමුව පළාත් සභාව මගින් ඉදි කළ මෙම නව ආර්ථික මධ්‍යස්ථානය සඳහා පුරනැගුම ව්‍යාපෘතිය යටතේ රජය මගින් ලබාදී ඇති මුළු මුදල රුපියල් ලක්ෂ 500කි.
     
    නව ආර්ථික මධ්‍යස්ථානය, කඩ කාමර 16කින් යුක්ත අතර ප්‍රදේශයේ ගොවි ජනතාවගේ නිෂ්පාදන අලෙවි කිරීම සඳහා විශාල වපසරියකින් යුත් වෙළද සංකීර්ණයක් ද පවතී.
     
    මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද, පළාත් අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ, පළාත් සභා මන්ත්‍රී වරුණ ලියනගේ, පළාත් පාලන කොමසාරිස් සුසිලා රාජපක්ෂ සහ සහකාර පළාත් පාලන කාමසාරිස් සමන් කුමාර යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya