අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැදබැද්ද ආයුර්වේද රෝහල සඳහා සබරගමුව පළාත් සභාවෙන් නව ගොඩනැගිලි සංකීර්ණයක්

    ජූනි 24, 2017
    බළංගොඩ මැදබැද්ද ආයුර්වේද රෝහල සඳහා සබරගමුව පළාත් සභාව මගින් නව ගොඩනැගිලි සංකීර්ණයක් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව සබරගමුව පළාත් සභාව සඳහන් කරයි.
     
    පසුගියදා මැදබැද්ද ආයුර්වේද රෝහල නිරීක්ෂණය කළ  සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා එහිදී බලධාරීන්ට උපදෙස්  දෙනු ලැබුයේ වහාම ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකර  මෙම රෝහලේ පවතින අධික තදබදයට පිළියම් සපයන ලෙසයි.
     
    සබරගමුව පළාත් සභාව හා ප්‍රදේශවාසී දානපතියෙකු වූ මැදබැද්දේ පියසේන මහතා එක්ව මෙම ආයුර්වේද රෝහල සංවර්ධනය කරනු ලැබීය.
    ඒ වෙනුවෙන් මැදබැද්දේ පියසේන මහතා විසින් රුපියල් ලක්ෂ 75කට වඩා මූල්‍ය පරිත්‍යාග සිදුකර ඇත.
     
    මේ වන විට මහනුවර, බදුල්ල, මොණරාගල, හම්බන්තොට, බළංගොඩ ආදී ප්‍රදේශ රැසකින් ප්‍රතිකාර ලබාගැනීම සඳහා විශාල පිරිසක් බළංගොඩ මැදබැද්ද ආයුර්වේද රෝහල වෙත පැමිණෙති.
     
    මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන බාහිර හා නේවාසික සේවා සැපයීම සඳහා අවශ්‍ය ගොඩනැගිලි හා සෙසු භෞතික පහසුකම් මෙම රෝහල වෙත ලබාදීමට සබරගමුව පළාත් සභාව කටයුතු කර ඇත.
     
    මෙම රෝහල සඳහා අවශ්‍ය සේවකයින් ද කඩිනමින් අනුයුක්ත කිරීමට ද මෙහිදී පළාත් අමාත්‍යවරයා බලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.
     
    මෙම අවස්ථාවට මහ ඇමති මහීපාල හේරත්, පළාත් සභා මන්ත්‍රී අකිල එල්ලාවල, පළාත් පාලන කොමසාරිස් සුසිලා රාජපක්ෂ, සහකාර පළාත් පාලන කොමසාරිස් සමන් කුමාර සහ සහකාර ලේකම් ඩබ්.ආර්.එස්.කේ. වීරසේකර යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya