අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සබරගමුව, ඌව සහ දකුණු පළාත් කේන්ද්‍ර කර ගනිමින් නව සෞඛ්‍ය මධ්‍යස්ථානයක්

    ජූනි 24, 2017
    සබරගමුව, ඌව  සහ දකුණු පළාත්වල අති දුෂ්කර ප්‍රදේශවල වෙසෙන ප්‍රජාව කේන්ද්‍ර කර ගනිමින් බළංගොඩ වේලිඔය ප්‍රදේශයේ ඉදි වූ නව සෞඛ්‍ය මධ්‍යස්ථානය පසුගියදා ජනතා අයිතියට පත්කරනු ලැබීය.
     
    මෙම පළාත් තුනේ මායිමේ පිහිටි බළංගොඩ වේලිඔය ප්‍රදේශයේ ඉදිකර ඇති මෙම සෞඛ්‍ය මධ්‍යස්ථානය ස සඳහා සබරගමුව පළාත් සභාව වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 350කි.
     
    මෙම සෞඛ්‍ය මධ්‍යස්ථානය මගින් මාතෘ සායන ළමා සහ ආයුර්වේද සායන පැවැත්වීමට සබරගමුව පළාත් සභාව කටයුතු කරයි. ඌව සහ දකුණු පළාත් සභා මායිමේ පිහිටි වේලිඔය ප්‍රදේශය  පළාත් තුනේම ප්‍රජාව වෙත කඩිනමින් ළගාවිය හැකි කේන්ද්‍රස්ථානයකි. මෙම වෛද්‍ය මධ්‍යස්ථානය විවෘත වීමත් සමගම සබරගමුවේ මෙන්ම ඌව සහ දකුණේ ප්‍රජාව වෙත විශාල පිටුවහලක් හිමි වේ.
     
    මීට අමතරව  මෙම ගොඩනැගිලි සංකීර්ණය පුස්තකාලයක් හා වාණිජ කටයුතු වෙනුවෙන් ඉදිකළ ගොඩනැගිල්ලකින් ද සමන්විතය.
     
    මෙම අවස්ථාවට මහ ඇමති මහීපාල හේරත්, පළාත් සභා මන්ත්‍රී අකිල එල්ලාවල, පළාත් පාලන කොමසාරිස් සුසිලා රාජපක්ෂ, සහකාර ලේකම් ඩබ්.ආර්.එස්.කේ. වීරසේකර සහ සහකාර පළාත් පාලන කාමසාරිස් සමන් කුමාර යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya