අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනතා අවශ්‍යතා අනුව සහන සැලසේ

    ජූනි 22, 2017

    විවිධ බාධක මධ්‍යයේ වුවද ජනතාවගේ අව්‍යශතාවලට සරිලන ආකාරයේ සහන සැලසීම රජයේ ප්‍රමුඛ අපේක්ෂාවක් බව නිවාස හා ඉදිකිරීම් අමත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

    පසුගියදා කෑගල්ල නගර ශාලාවේ පැවති ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් කෑගල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට විසිරි ණය ප්‍රදානය කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    උදාගම්මාන සංකල්පය යටතේ මේ වසර අවසන් වීමට පෙර දිවයින පුරා උදාගම්මාන 2,500 ක් පිහිටුවීම ද ඉලක්ක කරන බව අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    කෑගල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 534 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂය බැගින් විසිරි ණය චෙක්පත් ප්‍රදානය මෙහි දී සිදුකෙරිණි.

    මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තුසිතා විජේමාන්න, සුජිත් පෙරේරා මහත්ම මහත්මීන් ඇතුළු සබරගමුව පළාත් සභා මන්ත්‍රීවරු වන ඩබ්ලිව් සෝමදාස, ආනන්ද මිල්ලන්ගොඩ, උපුල් ශාමල්, ලක්ෂ්මන් කොඩිකාර, කෑගලල් දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බංඩාර, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කැගල්ල දිස්ත්‍රික් කාර්ය්‍යාලයේ කළමනාකරු අයි.එම් චන්ද්‍රෙස්න යන මහත්වරුන් ද සහභාගි වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya