අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු පිරවීම ළඟදීම

    ජූනි 22, 2017

    පළාත් රාජ්‍ය සේවයේ පවතින අත්‍යවශ්‍ය තනතුරුවලට අදාළ පුරප්පාඩු පිරවීමට අවශ්‍ය බඳවා ගැනීම් සිදු කරන මෙන් ජනාධිපතිවරයා සියලුම පළාත් ප්‍රධාන අමාත්‍යවරුන්ට උපදෙස් ලබා දුන් බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පවසයි.

    පසුගියදා සියලු පළාත් ප්‍රධාන අමාත්‍යවරුන්‍ ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවේදී මෙම උපදෙස් ලැබුනු බව පැවසූ ප්‍රධාන අමාත්‍යවරයා ඒ සඳහා අවශ්‍ය මූල්‍යමය ප්‍රතිපාදන මධ්‍යම රජයෙන් ලබාදීමට කටයුතු යෙදීමට ජනාධිපතිවරයා පොරොන්දු වූ බවද පැවසීය. ප්‍රධාන අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ පසුගියදා පැවති පළාත් සභා රැස්වීමේදීය.

    ඒ අනුව අත්‍යවශ්‍ය සේවාවක් වන පළාත් සෞඛ්‍ය සේවයේ පවතින හෙද කාර්ය මණ්ඩලය ඇතුළු සෙසු පුරප්පාඩු පිරවීම සඳහා ඉදිරි මාසයක කාලය තුළ කටයුතු කරන බව පැවසූ ප්‍රධාන අමාත්‍යවරයා  ඊට අදාල තොරතුරු නොබෝ දිනකින් ප්‍රසිද්ධියට පත් කරන බවද පෙන්වා දෙන ලදී. රෝහල් කාර්ය මණ්ඩලය සඳහා බඳවා ගැනීම් සිදු කිරීමේදී මෙතෙක් අනුගමනය කළ ක්‍රමය වෙනුවට පළාත් මට්ටමින් අයදුම්පත් කැඳවා සුදුස්සන් තෝරා ගැනීමට තීරණය කර ඇති බව පැවසූ ප්‍රධාන අමාත්‍යවරයා ඒ තුළින් දුෂ්කර රෝහල් සඳහා කාර්ය මණ්ඩල යෙදවීමේ ගැටලුවද නිරාකරණය කරගත හැකි බව පෙන්වා දෙන ලදී.

    පසුගිය වසරවල සංවර්ධන කටයුතු සඳහා වෙන් කොට අවිච්ඡේද වු මුදල්ද නැවත පළාත් සභා සඳහා ලබා දෙන බවටද ජනාධිපතිවරයා සහතික වූ බව පැවසූ ප්‍රධාන අමාත්‍යවරයා 2017 වසර සදහාද කිසිදු කපා හැරීමකින් තොරව පළාත් සභාවලට වෙන් කරන සම්පූර්ණ මුදලම ලබා දීමට එකඟත්වය පළ කළ බවද පෙන්වා දුන්නේය.

    මධ්‍යම පළාත් සභාවේ සභාපති එල්.ඩී. නිමලසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පළාත් සභාව රැස්වූ අතර, මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් වූ අභාවප්‍රාප්ත ලාල් විජේනායක මහතා වෙත ශෝකය පළ කිරීමේ යෝජනාවද මෙදින සාකච්ඡාවට බදුන් විය.

    මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya