අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හැටන් කසළ ගැටලුව විසඳීමට කඩිනම් පියවර

    ජූනි 21, 2017
     
    හැටන් නගරයේ කුණු කසළ ගැටලු ව විසඳීමට කඩිනම් පියවර ගැනිමට අවශ්‍ය සැම පියවරක්ම ක්‍රියාවට නැන්වීමට පසුගියදා රැස්වු  නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටුව  තිරණය කොට ඇත.
     
    නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම පසුගිය දා දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.කේ. පියදාස,  මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි.
     
    එහිදි හැටන් නගරයේ කුණු කසළ ගැටලු ව පිළිබඳ ව සාකච්ඡාවට බඳුන් විය. මෙහිදි අනාවරණය වුයේ අදාල කසළ බැහැරකිරීම සම්බන්ධව ඉඩම් පවරා ගැනීමට අදාල කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබි ඇති බවය. මෙම ගැටලුව ට තිරසාර විසඳුමක් ලබාගැනීම සඳහා භේදයකින් තොරව සැම දෙනාම එක්ව මෙම සතිය ඇතුලත කටයුතු කළ යුතු බව මෙහිදි තිරණය විය.
     
     මෙම දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම සඳහා අමාත්‍ය පලනි දිගම්බරන්, රාජ්‍ය අමාත්‍ය රාධා ක්‍රිෂ්ණා යන මහත්වරු ඇතුළු පිරිසක් එක් වූහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya