අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෘත්තීය පුහුණු අධිකාරියෙන් නොමිලයේ රියදුරු පුහුණුව

    ජූනි 21, 2017
    සියලු ම පන්තිවලට අයත් වාහන ධාවන බලපත‍්‍ර ලබාගැනීම සඳහා නොමිලයේ පුහුණුව ලබා දීමට ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය පියවර ගෙන ඇති අතර එහිදී රියදුරු පුුහුණුව ලබා දීමට අමතරව මාර්ග නීති රීති පිළිබඳව හා රථ වාහන කාර්මික ශිල්පය පිළිබඳව දැනුමක් ලබා දීම ද සිදු කෙරේ.
     
    නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතාගේ අදහසට අනුව මේ සඳහා පුහුණු මධ්‍යස්ථානයක් පසුගිය දා කොග්ගල ප‍්‍රදේශයේ දී ආරම්භ කෙරෙණි. රථ වාහන ධාවන බලපත‍්‍රයක් ලබා ගැනීමට නීත්‍යනුකූලව සුදුකම් සපුරා ඇති  ඕනෑම අයකුට මෙහිදී නොමිලේ රියදුරු පුහුණුව ලබා ගත හැක. මෙහිදී විරැකියාවෙන් පෙළෙන රැකියා අපේක්ෂිත තරුණ තරුණියන්ට ප‍්‍රමුඛත්වය ලබා දීමට කටයුතු කෙරේ.
     
    ආරම්භක දින වූ දිනයේ ම 350 කට අධික පිරිසක් මේ සඳහා ලියාපදිංචි වූ අතර දිවයිනේ අනෙකුත් ප‍්‍රදේශවල ද මේ වැනි මධ්‍යස්ථාන ඇරඹීමට අමාත්‍යවරයාගේ අදහසයි.
     
    මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති ආචාර්ය (ඉංජීනේරු) ලෙෆ්ටිනන්ට් කමාන්ඩර් ලයනල් පින්ටු මහතා හා උප සභාපති නීතිඥ තිලක් කාරියවසම් මහාතා ඇතුළු නිලධාරින්  ඇතුළු ප‍්‍රාදේශීය දේශපාලනඥයින් පිරිසක් ද  සහභාගී වූහ. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya