අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මත්ස්‍ය වගාව සඳහා චීන ආයෝජකයන්

    ජූනි 21, 2017
    ශ්‍රී ලංකාවට අයත් මුහුදු සිමාවේ මත්ස්‍ය වගා කිරීම සඳහා ආයෝජනය කිරීමට චීන ආයෝජකයන් කැමැත්ත පළ කොට ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය සඳහන් කරයි.
     
    ඒ චීන ආයෝජකයන් පිරිසක් හා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සමග ඊයේ [ 20 ] පැවති සාකච්ජාවකදීය. මෙම සාකච්ජාව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ  රාජ්‍ය අමාත්‍යතුමාගේ කාර්යාලයේ දී පැවැත්විණ .
     
    එහිදී රාජ්‍ය අමාත්‍යතුමා පැවසුවේ සාගරයේ මත්ස්‍ය සම්පත නෙලාගැනීමට මිස මත්ස්‍ය වගාව කෙරෙහි දක්වන දායකත්වය ඉතා අවම බවය. මත්ස්‍ය සම්පත ඉතා සීග්‍රයෙන් අහිමි වෙමින් පවතින බැවින් සාගරය තුළ මෙන්ම ගොඩබිමෙහිද මත්ස්‍ය වගාව සඳහා ආයෝජනය කිරීමට ඇති හැකියාව පිළිබඳ අවධානය යොමුකරණ ලෙස මෙම චීන ආයෝජකයන්ගෙන් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ඉල්ලීමක් කළේය.
     
    එවැනි ආයෝජන සඳහා අවශ්‍ය ඉඩම් ඇතුළු පහසුකම් ලබාදීමට කටයුතු කළ හැකි බවටද මෙම චීන ආයෝජකයන් දැනුවත් කළහ. එහිදී එම ආයෝජකයින් පැවසුවේ සාගරයේ මෙන්ම ගොඩබිමෙහි මත්ස්‍ය වගාව පිළිබඳ මනා දැනුම මෙන්ම තාක්‍ෂණයද තමන් සතුව ඇති බවය .
     
    ඒ අනුව මත්ස්‍ය වගාව හා ඒ ආශ්‍රිත නිෂ්පාදන කටයුතු වෙනුවෙන් ආයෝජනය කිරීමට තමන් සුදානම් බව මෙහිදී සඳහන් කළ චීන ආයෝජකයින් චීනයෙන් තවත් ආයෝජකයින් ශ්‍රී ලංකාවේ ධීවර කාර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන වෙනුවෙන් ආයෝජනය කිරීමට යොමුකළ හැකි බවද පැවසුහ.
     
    මෙම චීන ආයෝජකයින් මේ වන විටත් ආජන්ටිනාවේ ධීවර හා ඒ ආශ්‍රිත කර්මාන්ත ක්ෂෙත්‍රයේ ප්‍රමුඛ සමාගමකි.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya