අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාරා ආයතනයෙන් බස්නාහිර මුහුදු සීමාවේ ජලජීවි පර්යේෂණයක්

    ජූනි 19, 2017
    වරාය නගර ව්‍යාපෘතිය ඉදි කිරීමේ දී මුහුදෙන් වැලි ලබා ගන්නා නිසා එමගින් ජලජ ජීවින්ට හා ජලජ පැළෑටිවලට කිසියම් බලපෑමක් එල්ලවන්නේ ද යන්න සොයා බැලීම සඳහා පර්යේෂණ සිදු කිරීමේ කාර්යභාරය නාරා ආයතනය විසින් සිදු කරන අතර ඒ සඳහා රුපියල් මිලියන 63ක මුදලක් ලබාදී ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය සඳහන් කරයි.
     
    විශේෂයෙන් වරාය නගර ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ස්ථානයේ සිට කිලෝමීටර් 10ක් උතුරට හා කිලෝමීටර් 10ක් දකුණටත් වු මුහුදු කලාපය තුළ මෙම පර්යේෂණ කටයුතු නාරා ආයතනයේ විශේෂඥයින් විසින් සිදු කරන අතර, එම කටයුතු සිදු කිරීමට වරාය නගර ව්‍යාපෘතිය විසින් රුපියල් මිලියන 63ක මුදලක්  ලබා දී ඇත.
     
    වරාය නගර ව්‍යාපෘතිය ඉදිකිරීමේ දී ධීවර ප්‍රජාවට කිසියම් බලපෑමක් එල්ල වන්නේ ද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා මෙහෙයුම් කමිටුවක් ද පත් කර තිබේ.
     
    බස්නාහිර පළාතේ ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය සංවර්ධනය සඳහා රුපියල් මිලියන 500ක මුදලක් වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය විසින්  ධීවර අමාත්‍යාංශයට ලබා දී තිබේ. ඉන් රුපියල් මිලියන 150ක් ධීවර සංවිධාන 54කට බෙදා දීමට කටයුතු කර ඇති අතර, ඉතිරි රුපියල් මිලියන 350 ධිවර යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වැය කිරීමට සැලසුම් කර තිබේ.
     
    නාරා ආයතනය මගින් සාගර සම්පත් පිළිබඳ සමීක්ෂණ කටයුතු අඛණ්ඩව සිදු කිරිමටත්, නාරා ආයතනය විසින් ලබා දෙන වාර්තාවන් සැළකිල්ලට ගනිමින් කටයුතු කරන ලෙසත් අමාත්‍යාංශ ලේකම්වරිය විසින් සෙසු සාමාජිකයින්හට දැනුම් දෙනු ලැබීය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya