අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුරුණෑගල මාධ්‍යවේදීන්ට වැඩමුළුවක්

    ජූනි 17, 2017

    ජාතික සංහිදියාව මෙරට තුළ ස්ථාපිත කිරීම සඳහා ජනමාධ්‍යවේදියා සතු කාර්යභාරය පිළිබද මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් පසුගිය දා කුරුණෑගලදී පැවැත්විණ.

     මෙහිදී ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති  අධිනීතීඥ කොග්ගල වෙල්ලාලබන්ධු  මහතා විසින් ජනවාර්ගික තොරතුරු වාර්තා කලයුතු ආකාරය පිළිබඳවත් ,  කැලණියවිශ්ව විද්‍යාලයේ  හිටපු අංශාධිපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා විසින් ජාතික සංහිඳියාව ඇති කිරීමට ජනමාධ්‍ය ක්‍රියාකලයුතු ආකාරය පිළිබඳවත් ,  ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී  ආරියනන්ද දොඹගහවත්ත මහතා විසින් ජාතීන් අතර සමගිය ඇති කර ගත හැක්කේ කෙසේද යන්න පිළිබඳව ද මාධ්‍යවේදීන්  දැනුවත් කිරීම සිදු විය.

    ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය හා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඒකාබද්ධව සංවිධානය කළ මෙම වැඩසටහන සඳහා ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ,  කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති ජේ.සී. අලවතුවල  ,  කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ගාමිණී ඉලංගරත්න ,   ශ්‍රී ලංකා පුවත්පත්   මණ්ඩලයේ කොමසාරිස් නිරෝෂන තඹවිට යන මහත්වරුන්ද ,  මාධ්‍යවේදීන් රැසක් ද සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya