අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගං වතුරෙන් විපතට පත් ජනතාවට සමෘද්ධි ආධාර

    ජූනි 11, 2017
    පසුගිය දිනවල ඇති වූ ගං වතුරෙන් හා නාය යාම්වලින් විපතට පත් ජනතාවගේ  නිවාස පිරිසිදු කර ගැනීම සඳහා අවශ්‍ය පිරිසිදු  කිරීමේ උපකරණ හා ද්‍රව්‍ය ඇතුලත් ආධාර පාර්සල් 50000ක් වහාම ලබා දීමට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
     
    සමාජ සවිබල ගැන්වීම්  සුබසාධන හා උඩරට උරුමයන් පිළිබඳ අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ උපදෙස් මත සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් නීල් බණ්ඩාර හපුහින්න මහතාගේ අධීක්ෂණය යටතේ මෙම ආධාර වැඩසටහන ක්‍රියාත්මක වන අතර කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත කොට්ඨාසයට ප්‍රමුඛත්වය ලබා දෙමින් ආධාර පාර්සල් 5000ක් ඊයේ (10) දෙපාර්තමේන්තුව සතු ලොරි රථවලින් කළුතර දිස්ත්‍රික්කයට ප්‍රවාහනය කරන ලදි.
     
    වෙළෙඳපොලේ රුපියල් 1250ක් පමන වටිනාකමකින් යුත් දත්බුරුසු, සබන් , බිම පිරිසිදු කිරීමේ බුරුසු, ලයිසෝල් , හාපික් වැනි  ද්‍රව්‍ය මෙම පාර්සලයට අඩංගු බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.
     
    ජනාධිපතිවරයා විසින්  ගංවතුරෙන් හා නායයාම්වලින් විපතට පත් අගලවත්ත ප්‍රදේශයේ ජනතාවට සහන සැලසීමේ කමිටුවේ ප්‍රධානියා ලෙස අමාත්‍ය දිසානායක මහතා පත්කරනු ලැබූ අතර පසුගියදා ඇමැතිවරයා අගලවත්ත, වලල්ලාවිට, පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල තත්ත්වය සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.
     
    එම ප්‍රදේශවලට අමතරව දිවයිනේ සෙසු  ප්‍රදේශවල විපතට පත් ජනතාව වෙනුවෙන්ද සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මෙම පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය පාර්සල් ලබා දෙන බව සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් නීල් බණ්ඩාර හපුහින්න මහතා පවසයි.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya