මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කලවාන රෝහලට සබරගමුව පළාත් සභාවෙන් නව ගොඩනැගිලි සංකීර්ණයක්

    ජූනි 11, 2017
    නිරන්තරයෙන් අපද්‍රව්‍යන්ට ලක් වන කලවාන මැතිවරණ කොට්ඨාසයේ පිහිටි කලවාන මූලික රෝහල සඳහා රුපියල් ලක්ෂ හයදහසක වියදමින් අංග සම්පූර්ණ ගොඩනැගිලි සංකීර්ණයක් කඩිනමින් ඉදිකරන බව සබරගමුව ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා සඳහන් කළේය.
     
    ඒ මහතා මේ බව සඳහන් කළේ පසුගිය දා (04) කලවාන මූලික රෝහලේ නිරීක්ෂණ චාරිකාවට එක් වෙමිනි.
     
    කලවාන මැතිවරණ කොට්ඨාසයේ පවතින නිරන්තර ආපදා තත්ත්වය නිසා ප්‍රජාව දැඩි අවදානම් තත්වයකට මුහුණ දී සිටියි. එමෙන්ම කලවාන, අයගම යන ප්‍රදේශ ආපදා තත්ත්වය නිසා මාර්ග පද්ධතිය යට වීමට ලක්වේ.
     
    එලෙස ආපදාවන්ට ලක් වූ පසු බාහිර ලෝකය හා සම්බන්ධවීමට ඇති එකම මාර්ගය බවට ගුවන් මග පමණක් පත්වේ.
     
    නව ගොඩනැගිලි සංකීර්ණය මහල් හතරකින් යුක්තවන අතර එහි ළමා  හා මාතෘ වාට්ටු, බාහිර රෝගී අංශය, වෛද්‍ය හෙද නේවාසිකාගාර ඇතුළු අංග රැසකින් යුක්තය.
     
    මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් හේරත් පී. කුලරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya