මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයගම ප්‍රදේශයේ ආපදාවට ලක් වූ පවුලකට රුපියල් දස දහසක දීමනාවක්

    ජූනි 11, 2017
    අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ආපදාවට ලක් වූ පවුල් නවදහස් අටසිය දහයක් (9810) සඳහා එක් පවුලකට රුපියල් දස දහස බැගින්  රජය මගින් ලබාදීමට කටයුතු කරන බව පසුගියදා අයගම ගංගාරාම ශ්‍රී මහා විහාරස්ථානයේ පැවති ආපදා කලමනාකරණ කමිටුවේ දී  හෙලිදරව් විය.
     
    ඒ අනුව එලෙස ආපදාවන්ට ලක්වූ පවුල් ඒකකවල තොරතුරු ග්‍රාම සේවා නිලධාරී මගින් අයගම ප්‍රාදේශීය ලේකම් වෙත ලබාදෙන ලෙස ද මෙහිදී එම පවුල් වලින් ඉල්ලා සිටිනු ලැබීය.
     
    අයගම ප්‍රදේශයේ ප්‍රජාවට බැංකු පද්ධතීන් ද හා ගනුදෙණු කිරීමේ දී පවතින ගැටළුවලට විසඳුම් ලෙස එම රුපියල් දස දහසේ මුදල, මුදලින්ම ගෙවීමට ද මෙහිදී තීරණය විය.
     
    අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ බල ප්‍රදේශයේ ආපදාවන් හේතුවෙන් පුද්ගල මරණ 18 සහ තුවාලවීම් 57 වාර්තා වී ඇත.
     
    ආපදාවට ලක්වූ පවුල් නවදහස් අටසිය දහයක් (9810) වන අතර පුද්ගලයින් තිස්හත්දහස් නවසිය තිස් නවයක (37 939) පිරිස් ඉන් පීඩාවට පත්ව ඇත.
    පූර්ණ හානි සහිත නිවාස ගණන 13 වන අතර අර්ධ හානි නිවාස ප්‍රමාණය 647කි.
     
    වෙනත් දේපල හානි එක්දහස් තුන්සිය පනස් හතක් (1357) අයගම ප්‍රාදේශීය  ලේකම් කොට්ඨාශයෙන් වාර්තා වේ.
     
    මෙම අවස්ථාවට අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත,පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජානක වක්කුඹුර, ඒ.ඒ. විජේතුංග, පළාත් අමාත්‍ය රංජිත් බණ්ඩාර සහ පළාත් ප්‍රධාන ලේකම් හේරත් පී. කුලරත්න යන මහත්වරු එක්ව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya