මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංවර්ධනය නිසා පරිසර පද්ධතිය විනාශ වීමට ඉඩනොදෙමු

    ජූනි 06, 2014
    මේ පරිසරය තුළ ඇති ගංගා, ඇළ දොළ, කඳුවැටි විනාශ නොකර සකලවිධ සත්ත්ව සමූහයාගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතු බවත් වර්තමානයේ සිදුවන සංවර්ධන ක්‍රියාදාම තුළින් පරිසර පද්ධතිය විනාශ වීමට ඉඩනොදී හෞතික සංවර්ධනයට පරිසරය බිලි නොකළ යුතු බවත් උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතා පැවසීය.


    අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ ජගත් පරිසර දිනයට සමගාමීව ඊයේ (05) මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ පැවති මධ්‍යම පළාත් පරිසර දින සැමරුම් උත්සවයට සහභාගී වූ අවස්ථාවේදීය.

     

    මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම පරිසර සැමරුම් උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වමින් උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ අද ලෝකයේ වන ගහණය අඩුවීමේ ප්‍රවණතාවක් ඇති බවත් එය වැළැක්වීම සඳහා මෙවැනි පරිසර දින තුළ ජනතාව දැනුවත් කළයුතු බවත්ය. 


    අද අපි මේ පාසලින් ආරම්භ කරන පරිසර නියමු භට කණ්ඩායම් පිහිටුවීම හා ඔවුන්ට පරිසරය සුරැකීමට කුඩා කාලයේ සිටම පුරුදු පුහුණු කිරීම තුළින් ඔවුන් පරිණත අවධිය වන විට පරිසර හිතකාමී පුද්ගලයන් ලෙස සමාජයට දායාද කළ හැකි බවත් නන්දිමිත්‍ර අමාත්‍යවරයා පැවසීය.
    “ඔබට මහ පොළොවේ අයිතියක් නෑ, ඔබද මේ පරිසරයේ කොටසක් නිසා ඔබට මේ පරිසරය විනාශ කිරීමේද අයිතියක් නැතැයි“ සියැටල් නායකයා ලිවූ ලිපිවල සඳහන්ව තිබූ බව ද මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


    පාසල් භූමියේ පැළ රෝපණය කිරීමත් පරිසර නියමු භට කණ්ඩායම් සඳහා ලාංඡන පැළඳවීමත් අමාත්‍යවරුන් අතින් මෙහිදී සිදුවිය.

     

    මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන ලේකම් සරත් ප්‍රේමවංශ, මාතලේ දිස්ත්‍රික් ලේකම් හෙලන් ඒ. මීගස්මුල්ල, අතිරේක දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න, ශාන්ත තෝමස් විද්‍යාලයේ විදුහල්පති ඩී. වනසිංහ යන මහත්ම මහත්මීන් තෝමස් විද්‍යාලයීය ගුරු මණ්ඩලය, සිසු දරුවන් සහ දෙමාපියන් රැසක් මීට සහභාගී වූහ.


    NDH/GNK-ISB_dmu_matale

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya