මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ල සතිපොළ ඉදිකිරීම් අවසන් අදියරේ

    ජූනි 05, 2014
    දැයට කිරුළ වැඩසටහන සහ 66 වැනි නිදහස් දින උළෙල පැවැත්වීමෙන් වඩාත් සංවර්ධනය වූ කෑගල්ල නගරයේ අලංකරණය වඩාත් ඔප් නැංවීමේ අරමුණ ඇතිව ආර්ථික සංවර්ධන අමාත්‍යංශය රුපියල් ලක්ෂ 400ක වියදමින් කෑගල්ල නිදහස් මාවත ආසන්නයේ ඉදිකරනු ලබන කෑගල්ල සතිපොළ ඉදිරි මාස දෙක ඇතුළත ජනතා අයිතියට පැවරීමට හැකි වන බව නේවාසික ව්‍යාපෘති ඉංජිනේරු එම්.ආර්.එම්.ඩබ්ලිව්. අක්‍රම් මහතා පවසයි.
     
     
    වර්ග අඩි 13,000කින් යුත් මෙම ගොඩනැගිල්ල අඩි 200ක දිගින් ද අඩි 65ක පළලින් ද යුක්ත වන අතර, මෙම සතිපොළ තුළ කඩ කාමර 150 – 200 ප්‍රමාණයකින් සමන්විත වේ.
     
    මෙම ගොඩනැගිල්ල සතිපොළ පැවැත්වීමට පමණක් නොව රැස්වීම් ශාලාවක් ලෙස ද භාවිත කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය නවීන තාක්ෂණික මෙවලම් ද ගොඩනැගිලි සැලසුම තුළ අන්තර්ගත කර ඇත.
     
    ECB/LT_dmu_kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya