මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉරිදා සහ පෝය දිනවල අනුරාධපුර පෞද්ගලික පන්ති තහනම් කිරීමට නීතිරීති

    ජූනි 01, 2014

    ඉරිදා සහ පෝය දිනවල පෙරවරු 7.00 සිට පස්වරු 2.00 දක්වා කාලය තුළ අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ සියලුම පෞද්ගලික උපකාරක පන්ති තහනම් කිරීමට තීරණය කර ඇත.


    අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ශාසනාරක්‍ෂක බල මණ්ඩලය ඊයේ (31) පස්වරුවේ ශ‍්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයේ දී රැස්වූ අවස්ථාවේදී මේ තීරණය ගෙන තිබේ.


    උතුරු සහ උතුරු මධ්‍යම දෙපලාතේ ප‍්‍රධාන සංඝනායක අනුරාධපුර දිස්ත‍්‍රික් ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ සභාපති නුගේතැන්නේ පඤ්ඤානන්ද නා හිමිපානන් වහන්සේගේ ප‍්‍රධානත්වයෙන් දිස්ත‍්‍රික් බල මණ්ඩලය රැස් වූහ.


    දහම් අධ්‍යාපනයට දරුවන් යොමු වීමේ ඇති අඩුව වැලැක්වීම සහ විවිධ විෂමාචාරවලට දරුවන් යොමුවීම අවම කිරීම මේ මඟින් අපේක්‍ෂා කෙරේ. මේ සඳහා උතුරු මැද පළාත් සභාවේ පූර්ණ අනුමැතිය හිමිව ඇති අතර ඉදිරි දිනවලදී මෙයට අදාළ නීතිරීති සකස් කිරීමෙන් අනතුරුව පළාත තුළ ක්‍රියාත්මක කරනු ඇත.


    මේ අවස්ථාවට විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම්. චන්‍ද්‍රසේන, ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන්, ප‍්‍රධාන අමාත්‍යාංශ ලේකම් ආනන්ද කුලරත්න යන මහත්වරු ද එක්වූහ.

     

    NDH/HC

    NCP tiution classes prohibited

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya