මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උගන්ඩා විදේශ ඇමති යාපනයේ සංචාරයක

    ජූනි 01, 2014

    උගන්ඩා විදේශ අමාත්‍ය හෙන්රි ඔරියන් ඔකෙලෝ (Henrry Oryen Okello) මහතා පසුගිය බදාදා යාපනයේ සංචාරයක නිරත විය.


    එම සංචාරය අතරතුරදී උගන්ඩා විදේශ අමාත්‍යවරයා, උතුරු පළාත් ආණ්ඩුකාර ජී.ඒ. චන්ද්‍රසිරි මහතා ද හමුවී සාකච්ඡා පවත්වා ඇත.


    මෙම දූත පිරිස යාපනයේ සිදුවන සංවර්ධන කටයුතු දැන ගැනීමට ද ගොස් ඇති අතර නල්ලූර් කෝවිල, යාපනය පුස්තකාලය වැනි ස්ථානයන්හි නිරීක්ෂණ චාරිකාවක ද නිරත වූහ.


    මේ අවස්ථාව සඳහා උගන්ඩාවේ ශ‍්‍රී ලංකා තානාපති වී. ගණනාදන් මහතා සහ උගන්ඩා විදේශ අමාත්‍යංශයේ උසස් නිලධාරීන් ද උතුරු පළාත් සභාවේ ප‍්‍රධාන ලේකම් ආර්. විජයලක්ෂ්මි මහත්මිය සහ උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ ලේකම් ලක්ෂ්මන් ඉලංගෝවන් මහතා ද සහභාගී වූහ.


    NDH/UP_ku

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya