මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක පරිසර දිනට සමගාමීව මොරටුව වේල්ස් කුමරි විදුහලේ උත්සවයක්

    ජූනි 01, 2014
    ජූනි 05 වැනිදාට යෙදී ඇති ලෝක පරිසර දිනයට සමගාමීව පැවැත්වෙන පරිසර දින සැමරුම් උළෙලක් එදින මොරටුව වේල්ස් කුමරි විදුහලේදී පැවැත්වීමට නියමිතය.


    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න, තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරණතුංග හා දේශීය වෛද්‍ය නියෝජ්‍ය අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් මෙය පැවැත්වේ.


    මිහිමඬල ජාතික පාරිසරික විද්‍යා සඟරාව, මොරටුව වේල්ස් කුමරි විදුහලේ පරිසර සංගමය මේ උත්සවය සංවිධානය කර ඇත. මේ සඳහා වේල්ස් කුමරි විදුහලේ හා වේල්ස් කුමර විදුහලේ සිසු සිසුවියන් 800ක් පමණ සහභාගි වීමට නියමිතය. 


    මෙදින උත්සවයේ ආරාධිත දේශන පවත්වනු ලබන්නේ මහාචාර්ය කුසුමා කරුණාරත්න, නාවල විවෘත විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථාකාචාර්ය ආචාර්ය ජයන්ත වත්තෙවිදානගේ හා දේශීය වෛද්‍ය විද්‍යායතනයේ වෛද්‍ය ගුණසීල ජයලත් යන විද්වතුන් විසිනි.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya