අමාත්‍යවරිය මෙම අදහස් පලකළේ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් සංවිධානය කළ පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශ්‍රවණාගාරයේ පැවැති විදේශ රැකියාවන්හී නිරත දෙමාපියන් ගේ දු දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරිමේ උත්සවයට සහභාගි වෙමිනි.
විදේශගත ශ්‍රමික පවුල්වල දූ දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීමෙන් බලාපොරොත්තු වන්නේ එම පිරිසට අගයක් ලබාදීම බවත් පෙන්වා දුන් අමාත්‍යවරිය වත්මන් රජය මගින් ඔහුන් ඇගැයීමේ කාර්යය තවදුරටත් පුළුල් කරන බවත් පෙන්වා දෙන ලදි.
ඒ අනුව ඉදිරියේදි පාසැල් අධ්‍යාපනයේදී දුර්වලතා දක්වන විදේශ ශ්‍රමික පවුල්වල දරුවන් කෙරෙහිද අවධානය යොමු කිරිමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන බව පෙන්වා දුන් ඇය එය එළඹෙන වර්ෂයේ සිට එය ක්‍රියාත්මක කරන බවද වැඩිදුරටත් පෙන්වා දෙන ලදි.
මධ්‍යම පළාතේ හා කෑගල්ල දිස්ත්‍රික්කයේ විගමණික පවුල්වල දූ දරුවන් 440 ක් වෙනුවෙන් මෙහිදී ශිෂ්‍යත්ව ප්‍රදානය සිදුකෙරිණි. පහ වසර ශිෂ්‍යත්වය සමත් සිසුන් 211ක්, අපොස සා.පෙළ සමත් 189 දෙනෙකු, විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරන සිසුන් 40 දෙනෙකු වෙනුවෙන් පිළිවෙලින් රුපියල් 15,000 ක්, 20,000 ක් හා 30,000 ක් වටිනා ශිෂ්‍යත්ව ප්‍රදානය සිදුකෙරිණී
මෙම අවස්ථාවට මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුළු මහජන නියෝජිතයින් සහ විගමණික පවුල්වල සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගි විය.
AP/DMU-Kandy