දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 22 තුල ප්‍රාදේශීය වශයෙන් පැවැත්වු ප්රදර්ශනවලදී තෝරා ගත් ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන මෙහිදී ප්‍රදර්ශනය කෙරේ.
අනුරාධපුර දිස්ත්‍රික්කයට ආවේණික බොහෝ දෑ මෙම පරිශ්‍රය තුළ ප්‍රදර්ශනයට තබා ඇති අතර නරඹන්නන්ට ඉතා පහසු මිලට ඒවා මිලදී ගැනීමේ හැකියාව ද තිබේ. මෙම දිස්ත්‍රික් ප්‍රදර්ශනයෙන් තෝරා ගන්නා ව්යවසකයින් පස් දෙනෙකු ජාතික ප්‍රදර්ශනය සදහා යොමු කිරීමට නියමිතය.
හයවන වරට පවත්වන මෙම ප්‍රදර්ශනය සාර්ථකත්වයට පත් කර ගැනීම සදහා ව්‍යවසායකයින්ගේ උනන්දුව ඉහළ හේතුවක් බවත් දේශීය කර්මාන්ත වැඩි දියුණු කර ගැනීමේ අවශ්‍යතාවය ව්‍යවසායකයින්ට පවතින බවත් ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක්වු දිස්ත්‍රික් දිවි නැගුම අධ්යක්ෂ සම්පත් ප්‍රනාන්දු මහතා පවසයි.
AP/DMU-Anuradhapura