පොලොන්නරුව දිස්ත්‍රික්කයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් පරාක්‍රම සමුද්‍රය කවුඩුළු වැව හා මින්නේරිය වැව යන ජලාශයන්හි වාන් දොරටු විවෘත කර ඇත. අධික වර්ෂාව හේතුවෙන් පොලොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ගල්ලෑල්ල සහ මනම්පිටිය ප්‍රදේශය අඩි 1/2 ප්‍රමාණයක් ජලයෙන් යටවී ඇත. පොලොන්නරුව සෝමාවතිය මාර්ගය සුංගාවිල සිට සෝමාවතිය දක්වා ජලයෙන් යටවී ඇති බැවින් එම මාර්ගය වසා ඇත. AP/DMU-Polonnaruwa