අනතුරුව එම ස්ථානයේදීම ආරක්ෂක ලේකම් වරයාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක මුලස්ථාන ව්‍යාපෘතිය පිළිබඳව ප්‍රගති සමාලෝචන රැස්වීමක්ද පවත්වන ලද අතර ඒ සඳහා මෙම ව්‍යාපෘතිය හා සම්බන්ධ සියලු නිලධාරීහු සහභාගවී සිටියහ.
ලංකාවේ මේ වන විට සිදුවන විශාලතම ඉදිකිරීම් ව්‍යාපෘතියක් වන අකුරේගොඩ ආරක්ෂක මුලස්ථාන සංකීර්ණ ව්‍යාපෘතිය අවසන් වීමෙන් පසු ත්‍රිවිධ හමුදා මුලස්ථාන මෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයද එම ස්ථානයේ ස්ථානගතවනු ඇත.
මේ අවස්ථාව සඳහා යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා, ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් (තාක්ෂණ) ඒ.ටීල්.පී සමරසිංහ, යුධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ඊ.එම්.එම් අඹන්පොල, නාවික හමුදාවේ මෙහෙයුම් අධ්යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් ඩී.එම්.ඩී වෑත්තෑව ඇතුළු ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ව්‍යාපෘති නිලධාරීහු සහභාගි වී සිටියහ.