නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෞතුකාගාරයක් ඉදි කිරීම සම්බන්ධයෙන් අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් විමර්ශනයක්

    දෙසැම්බර් 11, 2015

    වීරකැටිය ප්‍රදේශයේ එක්තරා කෞතුකාගාරයක් ඉදි කිරීමේ දී සිදු වී ඇතැයි කියන මූල්‍ය අක්‍රමිතාවයක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශනයක් සිදු කරන බව පොලිසිය ප්‍රකාශ කරයි.

    මෙම විමර්ශනය සම්බන්ධයෙන් අලුත්කඩේ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ද වාර්තා කර ඇත.

     

    එම කෞතුකාගාරය ඉදි කිරීමට අදාළ තක්සේරු වාර්තාවක් ලබා ගැනීමට අවශ්‍ය වූ බැවින් ඊයේ (10)  මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් රජයේ තක්සේරු නිලධාරීන් සමඟ එම කෞතුකාගාරය තිබෙන ස්ථානයට ගොස් විමර්ශන සිදු කළ බව ද පොලිසිය සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya