මෙම අවස්ථාවට, මෙම ව්‍යාපෘතීන් හි ආයෝජනය කිරීමට උනන්දුවක් දක්වන ජාත්‍යන්තර සංවිධාන කිහිපයක් නියෝජනය කරමින් අල්රිච් ෂ්මිට්, ජෝසෆ් අර්න්ස්බර්ගර් සහ මදූර් ගෞතම් යන මහත්වරුන් ද සහභාගී වූහ.
ශ්‍රී ලංකාවේ ධීවර නිෂ්පාදනවල හා ජාත්‍යන්තර තරගකාරීත්වය තහවුරු කිරීම සඳහා අවශ්‍ය සේවා සහ පහසුකම් සැපයීම වෙනුවෙන් නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මඟින් යෝජනා කර ඇති ධීවර අධිකලාප ගණන 11කි.
ඉහළ ජාත්‍යන්තර ඉල්ලුමක් ඇති ධීවර නිෂ්පාදන ඇති කිරීම හා ගෝලීය අවශ්‍යතාවට සුදුසු පරිදි අගය එකතු කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම මෙම ධීවර කලාප මඟින් තවදුරටත් අපේක්ෂා කෙරේ.
ධීවර සහ කෘෂිකාර්මික අධිකලාප ඇති කිරීම සඳහා 2016 වසර සඳහා වන අයවැය මඟින් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය වෙත රුපියල් මිලියන 2,000ක මුදලක් වෙන් කිරීමට ද යෝජනා විය.