එහි මෙම වසරේ අනුරාධපුර දිස්ත්‍රික් පාඨමාලාවට සම්බන්ධ වු පිරිස 100 කට අධිකයි.
විධිමත් සම්මුඛ පරීක්ෂණයකින් තෝරාගත් , මෙම පිරිසට පාඨමාලාව පැවැත්වු කාලය මාස හයක්. එහිදී ආගම හා දර්ශනය,
මනෝ විද්‍යාව, අධ්‍යාපන මුලධර්ම, පාලි භාෂාව, බෞද්ධ ශිෂ්ටාචාරය හා බෞද්ධ දර්ශනය යන විෂයයන් පිළිබදව දැනුම
ලබාදීම සිදුවේ.
දෙසැම්බර් මාසයෙන් අවසන් වන මෙවර පාඨමාලාවත් සමග මෙතෙක් පවත්වා ඇති ඩිප්ලෝමා පාඨමාලා සංඛ්‍යාව හතරකි. මෙම පාඨමාලාවට දහම් පාසැල් ගුරුවරුන් තෝරා ගැනිමේ දී උසස් පෙළ අසමත් , එහෙත් සාමාන්‍ය පෙළ විභාගයෙන් ගණිතය හා බුද්ධර්මය විෂයයන් සමත්ව ඇති අයට අවස්ථාව හිමිවේ. පාඨමාලාව අවසානයේ පවත්වන විභාගයෙන් සමත්වන මෙම දහම් පාසල් ගුරුවරුන්ට බාහිර උපාධි පාඨමාලාව හැදෑරීමේ අවස්ථාව ද හිමිවේ. මෙතෙක් පැවැති පාඨමාලා හතර සදහා එක්ව ඇති දහම් පාසල් ගුරුවරුන් සංඛ්‍යාව 300 කට ආසන්නය.
ශ්‍යාමෝපාලී වංශික මහා නිකායේ , අස්ගිරි පාර්ශවයේ , උතුරු හා උතුරු මධ්‍යම දෙපළාතේ , ප්‍රධාන සංඝනායක අනුරාධපුර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති, ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරාධිපති පුජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද හිමියන් අනුශාසනා පරිදි පාඨමාලාව දිස්ත්‍රික් මට්ටමින් සංවිධානය කලේ, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ඩීංපී.ජී කුමාරසිරි මහතාගේ මැදිහත් වීමෙනි.
සිව්වන ඩිප්ලෝමා පාඨමාලාවේ සමුගැනිමේ උත්සවයට සහභාගී වු දිස්ත්‍රික් ලේකම්වරයා පැවැසුවේ, දහම් පාසල් අධ්‍යාපනය තුලින් වංචා දුෂණ පිටු දකින සමාජයක් නිර්මාණය කළහැකි බවයි.
AP/DMU-Anuradhapura