කොළඹ අතිරේක දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම මහතාගේ සංකල්පයකට අනුව ඵලදායී බෞද්ධ දහම් පාසල තේරීමේ වැඩසටහන කොළඹ දිස්ත්‍රික්කය තුළ ක්‍රීයාත්මක කිරීමට කටයුතු යොදා ඇත. මේ සදහා කොළඹ දිස්ත්‍රික්කයේ ශාසනාරක්ෂක මණ්ඩල දහ නවයක බෞද්ධ දහම් පාසල් වලින් තෝරා ගත් ගුරුභවතුන් දසදෙනෙක් සහ බෞද්ධ දහම් පාසල් දරුවන් දසදෙනෙකු බැගින් හාරසිය පනස් දෙනෙකු මේ සදහා සහභාගී වූහ. බෞද්ධ දහම් පාසල් තුළ හා පෞද්ගලිකව තම තමන්ගේ නිවසේ ඵලදායීතා සංකල්පය ක්‍රියාත්මක කරවීමේ වැදගත්කම හදුන්වා දීම මෙම වැඩසටහනේ අරමුණ විය.
ඉදිරියේ දී කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම බෞද්ධ දහම් පාසල් සදහා මෙම වැඩසටහන දියත් කිරීමට අදහස් කර ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නංගර මහතා පවසයි.කොළඹ දිස්ත්‍රික් බෞද්ධ කටයුතු සමායෝජක කිරින්දේ පේමසිරි හිමි කොළඹ දිස්ත්‍රික් ඵලදායීතා නිලධාරී යමුනා ප්‍රියදර්ශනී මහත්මිය වැඩසටහන සංවිධානය කළ අතර ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලයේ පූර්ණ අනුග්‍රහය මේ සදහා ලැබී තිබුණි.
AP/DMU-Colombo