"රාජකීය සිප් පැහැසැර 2014" මැයෙන් ඇල්පිටිය බටුවන්හේන රතනසිරි රාජකීය විද්‍යාලයේ පැවති ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානෝත්සවයට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
එහිදී අමාත්‍යවරයා තවදුරටත් අදහස් දක්වමින් මෙසේ කීය.
“ඕනෑම කෙනෙකුට බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉටුකරගන්න තිබෙන හොදම පාලම එහෙමත් නැත්නම් ඕනැම කෙනෙකුගේ බලාපොරොත්තු ප‍්‍රාර්ථනා ඉටු කරගන්න පුලුවන් හොදම ඉනිමග අධ්‍යාපනය කියලා මම විශ්වාස කරනවා. අද තිබෙන තරගකාරීත්වයත් එක්ක විවිධ අංශ වෙත බලෙන් දරුවන් යොමුකිරීමට දෙමාපියන් උත්සාහ ගන්නවා. එහෙම විවිධ පැති වලට බලෙන් දරුවන් යොමුකිරීමට උත්සහ දරන එක නුවණට සුදුසු නැහැ.
ඕනෑම පුද්ගලයකු පරිපූර්ණ වීමට විෂය හා විෂය පරිභාහිර දැනුම පාසලේදී ලබාදීම අවශ්‍යම වෙනවා. පිරිපුන් අයෙකු වීමටනම් ක්‍රීඩාවත් අවශ්‍යයි. හොද පුරවැසියකු වීමට දරුවකුට ගුණය විතරක් තිබිල මදි ඥාණයත් අවශ්‍යම වෙනවා. ඒවගේම ඥාණය විතරක් තිබිල මදි ගුණයත් අවශ්‍යම වෙනවා. ඒ දෙකම තිබෙන දරුවකු බිහිකිරීමට දෙමාපියන් හා ගුරුවරුන් වගකීමෙන් කටයුතු කල යුතුයි. අද අපේ පාසල් තුළින් ඒ පදනම ගොඩනගන්න ගුරුභවතුන් කැපවීමෙන් කටයුතු කරනවා කියල මා හිතනවා.
අද අධ්‍යාපනය නිපුණතා කේන්ද්‍ර කරගත් එකක්. එමගින් දරුවකුගේ සන්නිවේදනය, පෞරුෂ වර්ධනය, පරිසරය, වැඩ ලෝකයට සූදානම් වීම, ආගම ආචාරධර්ම, ක්‍රීඩාවේ යෙදීම, ඉගෙනුමට ඉල්ලුම යන නිපුණතා හත (7) ඔස්සේ අධ්‍යාපනය සංවර්ධනය වෙනවා.“
මෙම උත්සවයට විද්‍යාලයේ විදුහල්පතිනිය බී.එස්. කුමාරිහාමි මහත්මිය අතුළු ආරාධිතයින් විශාල ප්‍රමාණයක් සහභාගි වූහ.