නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ල දිස්ත්‍රික් පරිසර කමිටුව රැස්වේ

    දෙසැම්බර් 08, 2015
     
    ගාල්ල දිස්ත්‍රික් පරිසර කමිටු රැස්වීම පසුගියදා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
    මෙහි දී විශේෂ අවධානය යොමු වුයේ ජනාධිපතිතුමන්ගේ සංකල්පයක් යටතේ ක්‍රියාත්මක වන පරිසර සංරක්ෂණය සම්බන්ධ ජාතික මට්ටමේ වැඩසටහන සම්බන්ධවයි. ඒ අනූව ගාල්ල දිස්ත්‍රික්කය තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මූලික වැඩසටහන් පිළිබඳව සියළුම ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අවධානයට ලක්විය. 
     
    වන සම්පත සුරැකීම, වෙරළ සංරක්ෂණය, කඩොලාන සහ කොරල්පර සුරැකීම, පානීය ජල පවිත්‍රතාවය සහ ගං මෝය සහ ඇළ ඉවුරු  සංරක්ෂණය යන ක්‍රියාවලීන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය. වනසංරක්ෂිත කලාප, වෙරළ කලාප, කොරල් පර, කලපු සහ ගංඟාවන්ගෙන් ගාල්ල දිස්ත්‍රික්කය සැදුම්ලත්ය.
     
    AP/DMU- Galle
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya