නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මධ්‍යම පළාත් සභාවේ අයවැය විවාදය දෙසැම්බර් 16 දා

    දෙසැම්බර් 08, 2015
    මධ්‍යම පළාත් සභාවේ හයවැනි සභාවේ 2016 වසරට නියමිත අයවැය එළඹෙන දෙසැම්බර් 16 වැනි දින ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති බව එහි සභාපති එල්.ඩී. නිමලසිරි මහතා පවසයි. 
    ඒ අනුව මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය සහ මුදල් අමාත්‍ය සරත් ඒකනායක මහතා විසින් දෙසැ.16 වැනි දින පෙ.ව. 9.00 ට අයවැය යෝජනා සභාවට ඉදිරිපත් කිරීමට නියමිතය. අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමෙන් පසු එදින පස්වරුවේ අයවැය ලේඛනය පිළිබද පොදු විවාදයේ ඡන්ද විමසීම සිදු කෙරේ.
     
    2016 වසරේ පළාත් සභාව මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන කටයුතු වලට අදාල මූල්‍ය ප්‍රතිපත්ති සහ සැළසුම් සහ ඊට අදාළ වියදම් පිළිබද මෙහිදී කරුණු ඉදිරිපත් කිරීමට නියමිතය.
     
    දෙසැ.17 සහ 18 යන දින වලදී ඒ ඒ අමාත්‍යංශ වලට අදාල වැය ශීර්ෂ පිළිබද විවාද පැවැත්වීමටද නියමිතය. අමාත්‍යංශ වැය ශීර්ෂ විවාද අවසානයේ ඒ ඒ අමාත්‍යංශ වැය ශීර්ෂ සදහා වෙන වෙනම ඡන්දය විමසන බවද මධ්‍යම පළාත් සභාවේ සභාපතිවරයා වැඩි දුරටත් පවසයි. 
     
    AP/DMU-Kandy
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya