දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණීය නගරයක් වන නුවරඑළිය නගරය සංචාරක පුරවයක් ලෙස නවීන අලංකරණ සැලසුම් යටතේ සංවර්ධනය කිරීමට මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සැලසුම් කර ඇත.
නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් හා නිරීක්‍ෂණය යටතේ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව මගින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකරන ලදි.
මහල් 04කින් යුත් මෙම වෙළඳ සංකීර්ණයේ කඩකාමර 84 කින් සමන්විත අතර එයට බේල් කඩකාමර 57ක් සහ අනෙකුත් විවිධ අලෙවි කඩකාමර 27 ක් ඇතුළත් වේ. රුපියල් මිලියන 155 ක වියදමින් ඉදිකර ඇති මෙම වෙළඳ සංකීර්ණය, නුවරඑළිය නගර මධ්‍යයේ තිබූ අවධිමත් වෙළඳසැල් හිමියන්ට මෙම වෙළඳ සංකීර්ණයේ කඩකාමර ලබාදීමට නියමිතය.
එමෙන්ම නගර මධ්‍යයේ අවිධිමත් කඩකාමර ඉවත් කර නගර අලංකරණ කටයුතු සඳහා එම භූමිය භාගයන් යොදා ගැනීම සිදු කරනු ලබයි.