නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "රණවිරු විශේෂ වරප්‍රසාද කාඩිපත" ප්‍රගති සමාලෝචන වැඩසටහන

    දෙසැම්බර් 05, 2015

    මාතෘ භුමිය වෙනුවෙන් දිවිපිදු මෙන්ම සේවයේ යෙදී සිටින රණවිරුවන්ගේ සුභ සාධනය වෙනුවෙන් ආරක්‍ෂක අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කිරීමට යෝජිත "රණවිරු විශේෂ වරප්‍රසාද කාඩිපත" (Ranaviru Special Rewards Identity Card) පිළිබඳව විශේෂ ප්‍රගති සමාලෝචන වැඩසටහනක් පසුගියදා (03) ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ආමාත්‍යංශ පරිශ්‍රයේ පැවති මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක අමාත්‍යංශ ලේකම් ඉංජිනේරු රුණාසේන හෙට්ටිආරච්චි මහතාද සහභාගි විය.

    මෙහිදී "රණවිරු විශේෂ වරප්‍රසාද කාඩිපත" ('Ranaviru Special Rewards Identity Card) ව්‍යාපෘතිය මේ දක්වා ලබා ඇති ප්‍රගතිය, තවදුරටත් එතුළින් ලබාදිය හැකි වරප්‍රසාද පිළිබඳව කරුණු දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.

     

    මේ අවස්ථාව සඳහා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ඒ පී ජි කිත්සිරි මහතා, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිවරයා, රණවිරුසේවා අධිකාරියේ සභාපතිනිය, ත්‍රිවිධ හමුදා සුභ සාධක අධ්‍යක්‍ෂකවරුන්, ආරක්‍ෂක අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ත්‍රිවිධ හමුදා පොලිස් සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු නියෝජිතයින්, "රණවිරු විශේෂ වරප්‍රසාද කාඩිපත ව්‍යාපෘතිය සඳහා අනුග්‍රහය දක්වන පෞද්ගලික සහ රාජ්‍ය ආයතනවල නියෝජිතයින් ද සහභාගි වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya