මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ අමාත්‍ය දයා ගමගේ මහතා පැවසුයේ මේ වන විට වගා කරමින් සිටින සෑම ඉඩමක්ම උපරිම ප්‍රයෝජනය ලබා ගැනීම දක්වා සංවර්ධනය කිරීම ගොවියාගේ වගකීම බවයි. ඒ වෙනුවෙන් අවශ්‍ය තාක්ෂණික දැනුම හා වෙනත් සහායන් ලබා දීමට රජය කටයුතු කරන බවයි.
වියට්නාමය හා තායිලන්තය වැනි රටවල් මේ වන විට සරු කුඹුරු හෙක්ටයාරයකින් වී කිලෝ අටදහසක් පමණ උපයන බව වාර්තා වේ. නමුත්, ශ්‍රී ලංකාවේ මේ වන විටත් අස්වනු ලෙස නෙළා ගනු ලබන්නේ වී කිලෝ 4,500ක් පමණය. මෙම ප්‍රමාණය හෙක්ටයාරයකට වී කිලෝ හය දහස හෝ හය දහස් පන්සියය දක්වා ඉහළ නැංවීම පහසුවෙන් ම කළ හැකිය.
ඉදිරියේ දී නිර්මාණය කිරීමට අපේක්ෂිත කෘෂිකාර්මික අධිකලාප සඳහා ආදර්ශ ගොවි ජනපද ලෙස දෙහිඅත්තකණ්ඩිය වැනි ප්‍රදේශ සංවර්ධනය විය යුතු බව ද මෙහිදී දයා ගමගේ මහතා පැවසීය. කෘෂිකර්මාන්තය නව සංවර්ධන දිශානතීන් වෙත යොමු කිරීම සම්බන්ධයෙන් දයා ගමගේ මැතිතුමා විසින් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ද විශේෂ ස්තූතිය ද පිරිනැමීය.
නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගිවු අතර මෙහිදී අමාත්‍යතුමා ප්‍රමුඛ ආරාධිතයින් ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ගොවිපළ ද නිරීක්ෂණය කළහ.
AP