නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ල විද්‍යාලයට නව ක්‍රීඩා සංකීර්ණයක්

    දෙසැම්බර් 06, 2015

    මීළඟ ඔලිම්පික් ශූරයා කෑගල්ල විද්‍යාලයෙන් බිහිවනු ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.


    කෑගල්ල දිස්ත්‍රික්කයේ පාසල් ක්‍රිඩාපිටි අතර මීටර් 400ක ධාවන පථයක් සහිත නවීනතම පහසුකම්වලින් යුත් රුපියල් ලක්ෂ 3000ක වියදමින් කෑගල්ල විද්‍යාලයට නව ක්‍රීඩාපිටියක් ලබාදීම විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති අතර එහිදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

     

    මෙම ක්‍රීඩාපිටිය තුළින් ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයින් රැසක් ද බිහිවනු ඇතැයි ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    ක්‍රීඩාපිටිය විවෘතකිරීමේ උත්සවය පාසල් දරුවන්ගේ විචිත්‍ර‍ ක්‍රීඩා ඉසව් රැසකින් සමන්විත විය.

     

    කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සමරසිංහ මහතා ඇතුළු ප්‍රදේශයේ ජනතා නියෝජිතයින්, කෑගල්ල විද්‍යාලයේ ආදී ශිෂ්‍යයින්, දෙමව්පියන් ඇතුළු සිසු දරු දැරියන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya