වර්තමානයේදී මහපොළ ශිෂ්‍යත්වය සඳහා හිමිකම් ලබන විශ්වවිද්‍යාල ශිෂ්‍යයකුට මාසිකව රු.5,000/-ක මුදලක් හිමිවන අතර, ශිෂ්‍යාධාර සඳහා හිමිකම් ලබන විශ්වවිද්‍යාල ශිෂ්‍යයකුට ලැබෙනුයේ මාසිකව රු.2,500/-ක මුදලක් පමණි. දළ වශයෙන් සිසුන් 25,000ක් පමණ වාර්ෂිකව විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගැනෙන අතර, ඒ අතරින් සිසුන් 12,000කට පමණ මහපොළ ශිෂ්‍යත්වද සිසුන් 7,000කට පමණ ශිෂ්‍යාධාරද ලබා දෙනු ලැබේ.
දිවංගත ලලිත් ඇතුලත්මුදලි මැතිතුමාගේ සංකල්පයක් මත මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව ක්‍රමය 1981 වර්ෂයේදී ආරම්භ කෙරුණු අතර, එයට සමඟාමීව අඩු ආදායම් ලබන පවුල්වල සිසුන් සඳහා ශිෂ්‍යාධාර ලබා දීමේ වැඩපිළිවෙළක් ලෙස මහා භාණ්ඩාගාරයේ අරමුදල් යටතේ විශ්වවිද්‍යාල මාසික ශිෂ්‍යාධාරය විශ්වවිද්‍යාල මඟින් ක්‍රියාත්මක කරනු ලැබේ.
SDF