නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව බුලත් හා පුවක් ප්‍රබේද 3ක් හඳුන්වා දෙයි

    නොවැම්බර් 18, 2015

    නාරම්මලී හා නාරම්රතී නමින් නව බුලත් ප්‍රබේද දෙකක් සහ මාතලේ සිංහ නමින් නව පුවක් ප්‍රබේදයක් ඊයේ (17) නාරම්මල දම්පෑලැස්ස බුලත් පර්යේෂණායතනයේ දී, අමාත්‍ය දයා ගමගේ මහතා හඳුන්වා දුන්නේය.

    දැනට අපනයනය කරනු ලබන බුලත් සහ පුවක් ප්‍රබේදයන්ට අමතරව, මෙම හඳුන්වාදුන් නව ප්‍රබේද ඇසුරෙන් විශේෂ වෙළඳපොළක් විවෘත කර ගැනීමට අපේක්ෂා කෙරේ.

     

    සෙන්ටිමීටර් 25 ක පළලකින් හා 19 ක දිගින් යුතු නාරම්මලී ප්‍රබේදයේ එක් බුලත් කොළයක් ග්‍රෑම් 8 ක පමණ බරකින් යුක්ත වේ. සියයට 1.2 ක තෙල් ප්‍රතිශතයකින් යුතු නාරම්මලී බුලත් ප්‍රබේදයේ ඉනි දහසක වගාවකින් වසරකදී බුලත් මිලියන 1.2 ක් පමණ අස්වනු ලෙස නෙලීමට හැකිය. මෙම බුලත් කොළයක් සඳහා රුපියල් 4ක ස්ථාවර මිලක් පවත්වාගෙන යා හැකි බව ද විශ්වාස කෙරේ.

     

    ඊයේ හඳුන්වාදුන් නාරම්රතී ප්‍රබේදයේ එක් බුලත් කොළයක් සෙන්ටිමීටර් 26ක පළලකින් හා 17ක දිගකින් යුක්ත වන අතර ග්‍රෑම් 8 ක පමණ බරකින් යුක්ත වේ. සියයට 1.1ක තෙල් ප්‍රතිශතයක් ඇති මෙහි ඉනි දහසක වගාවකින් අපේක්ෂා කරන අපනයනය කළ හැකි බුලත් කොළ සංඛ්‍යාව වසරක දී මිලියන 1.1කි.

     

    මේ අතර, මාතලේ සිංහ නමින් හඳුන්වාදුන් නව පුවක් ප්‍රබේදය මගින් වසරක දී ගෙඩි 2,000ක් පමණ අස්වනු ලෙස ලබා ගැනීමට හැකි බව ද ජාතික බුලත් පර්යේෂණායතනය පවසයි. වෙළඳපොළ තුළ රුපියල් 10ත් 15ත් අතර මිලක් මෙම වර්ගයේ එක පුවක් ගෙඩියක් වෙනුවෙන් අපේක්ෂා කෙරේ.

     

    මෙම අවස්ථාවේ දී අදහස් දැක්වූ අමාත්‍ය දයා ගමගේ මහතා කියා සිටියේ, පසුගිය වසර 10 තුළ බිඳ වැටී තිබූ අපනයන ආදායම් ඉහළ යාමේ සීඝ්‍රතාව යළි ඉහළ අගයක් කරා ගෙන යාම නව රජය හමුවේ ඇති දැවැන්ත අභියෝගයක් වී ඇති බවයි.

     

    කෙසේ නමුත්, ඉදිරි වසර 5 අවසන් වන විට මේ වන විට පවත්නා අපනයන ආදායම වන රුපියල් බිලියන 1,540ක සීමාව රුපියල් බිලියන 3,500ට වැඩි අගයක් දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරන බව ද එතුමා කියා සිටියේය.

     

    මෙම අවස්ථාවට, අමාත්‍යාංශ ලේකම් ගාමිණී අමරවර්ධන, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අරුණ රූපසිංහ යන මහත්වරුන් ද බුලත් හා පුවක් අපනයනකරුවන්, ගොවීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya