මේ වන විට එය පාඩු ලබන තත්ත්වයට පත්ව තිබෙන බවත් නිසි ශක්‍යතා අධ්‍යනයකින් තොරව ඉදිකොට ඇති මෙම ආයතනය සංචාරකයින්ට ආකර්ෂණීය ස්ථානයක් බවට පත් කිරීම,දේශිය සංචාරකයින්ට නවාතැන් පහසුකම් ලබා ගත හැකි ස්ථානයක් බවට පත් කිරීම ,භෞතික සංවර්ධන කටයුතු වැඩි දියුණු කිරීම, අලෙවි ප‍්‍රවර්ධන සැලැස්මක් ඇති කිරිම ආදී ක්ෂේත‍්‍ර පිළිබඳව වැඩිදුරටත් කරුණු අධ්‍යයනය කොට එය දියුණු කිරීමට ක‍්‍රමවේදයක් සකස් කළ යුතුව ඇතැයි ඊයේ (17) ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවති විශේෂ රැස්වීමකදී ඇමතිවරයා පැවසීය.
මේ සඳහා විශේෂ කමිටුවක්ද මේ වන විට ඇමතිවරයා විසින් පත් කොට තිබේ. ජ්‍යෙෂ්ඨ සිනමාවේදීන්, මාධ්‍ය ආයතන වල ප‍්‍රධානීන් සහ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරුන්ගෙන් සමන්විත මෙම කමිටුවේ සාමාජික සාමාජිකාවන් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා මෙම අවස්ථාවට සහභාගිවෙමින් කියා සිටියේ රන්මිණිතැන්න මේ වන විටත් පාඩු ලබන ආයතනයක් බව හා ජාතික චිත‍්‍රපට සංස්ථාවේ සරසවි චිත‍්‍රාගාරයද එවැනි තත්වයේ පවතින බවයි.
හම්බන්තොට වැනි දුර බැහැර ප‍්‍රදේශයක රන්මිණිතැන්න පිහිටා තිබීම නිසා බොහෝ සිනමා හා ටෙලි නාට්‍ය ශිල්පී ශිල්පිණියන් එහි රූපගත කිරීම් සඳහා යාමට මැලිකමක් දක්වන බවත් ප‍්‍රමිතියෙන් බාල මට්ටමේ නිෂ්පාදන යොදා මෙහි ගොඩනැගිලි ඉදි කොට තිබෙන බවත් මේ වන විටත් එම ගොඩනැඟිලි වල ඇතැම් ස්ථාන වල බිත්ති ඉරි තලා තිබෙන බවද රන්ජන් රාමනායක මහතා මෙහිදී පැවසීය.
අමාත්‍යාංශයේ ලේකම් වජිර නාරම්පනාව මහතා මෙහිදී අදහස් දක්වමින් රන්මිණිතැන්න ගොඩනැඟිලි වලින් වැඩි ප‍්‍රමාණයක් වසා දමා තිබෙන කීය. නමුත් මෙය වැඩි දියුණු කොට ටෙලි සිනමා කෞතුකාගාරයක් ඉදිකළ හැකිය. සිනමාව පිළිබඳව අධ්‍යයනයක් කරනු ලබන විද්‍යාර්ථයින්ට ඒ පිළිබඳ අධ්‍යයනය කළ හැකි ස්ථානයක් බවට පත් කළ හැකි වන බවද හෙතෙම පැවසිය.
රන්මිණිතැන්න ටෙලි සිනමා උද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල් නිලන්ත ගුරුසිංහ මහතා මෙහිදී පැවසුවේ මෙය නැරඹීමට දිනකට 1,500 ක පමණ පිරිසක් පැමිණෙන බවයි. වැඩිහිටියෙකුට ප‍්‍රවේශ පත‍්‍රය රුපියල් 50 කි. ශිෂ්‍යයෙකුට රුපියල් 30 කි.
රන්මිණිතැන්න ටෙලි සිනමා උද්‍යානයේ ඉදිරි ප‍්‍රවර්ධන කටයුතු අධ්‍යයනය සඳහා වූ කමිටුවේ සාමාජික ශ‍්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති නීතිඥ නන්ද මුරුත්තෙට්ටුව මහතා මෙහිදී පැවසුවේ මෙහි රූපගත කිරීම් සඳහා සාක් කලාපයේ රටවල සිනමාකරුවන්ට ආරාධනා කිරීම වඩාත් යෝග්‍ය පියවරක් වන බවයි.
ප‍්‍රවීන චිත‍්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ බෙනට් රත්නායක මහතා පැවසුවේ රන්මිණිතැන්න ඉදිකොට ඇති පසුතල ලංකාවේ නිර්මාණය වන චිත‍්‍රපට සඳහා යෝග්‍ය නොවන බවයි. රෝහලක්, පල්ලියක් වැනි අංග ද මෙහි ඉදි විය යුතුව ඇතැයි ද ඔහු පවසයි.
මෙම කමිටුවේ සාමාජිකයින් වන ජාතික රූපවාහිනි සංස්ථාවේ සභාපති නීතිඥ රවී ජයවර්ධන, සැලසිනේ ආයතනයේ සභාපති තුසිත ජයවර්ධන, රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපති රවී කලංසූරිය, ප‍්‍රවීන නිළි ශ‍්‍රියානි අමරසේන, රවින්ද්‍ර ගුණසේකර, හොටල් ව්‍යාපාරික ප්‍රශාන් දසනායක මහතා, පෞද්ගලික ලේකම් දයා අවිරුප්පොළ, මාධ්‍ය ලේක බුද්ධිශ මධුශංක අබේගුනවර්ධන, මහත්ම මහත්මීන් ඇතුළු තවත් කිහිප දෙනෙක්ම මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙම කමිටුවේ සාමාජිකයින් කණ්ඩායම ලබන මස 3 හා 4 දෙදින රන්මිණිතැන්න ටෙලි සිනමා උද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වී විශේෂ වාර්තාවක් සකස් කිරීමටද මෙහිදී යෝජනා විය.
SDF