මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව, මහනුවර දිස්ත්රික් ලේකම් කාර්යාලය ඇතුළු ප්රාදේශීය ලේකම් කාර්යාල එක්ව සංවිධානය කරන මෙම රැකියා පොළ සඳහා දෙස් විදෙස් රැකියා සපයන ආයතන රැසක් සහභාගී වීමට නියමිතය.
මෙම රැකියා පොලේදී දේශීය රැකියා අවස්ථාවන් හදුන්වාදීම හා යොමු කිරීම, වෘත්තීය මාර්ගෝපදේශන ලබාදීම සහ වෘත්තීය පුහුණු අවස්ථා වෙත රැකියා විරහිත තරුණ තරුණියන් යොමු කිරීම සදහාද වැඩසටහන් රැසක් පැවැත්විමට කටයුතු යොදා ඇත. මීට අමතරව රජයේ ආයතනවල පුරප්පාඩු සදහාද සුදුස්සන් තෝරා ගැනීමද මෙහිදී සිදු කෙරේ.
රැකියා බලාපොරොත්තුවෙන් සම්මුඛ පරීක්ෂණ සදහා පෙනී සිටීමට පැමිණෙන රැකියා අපේක්ෂකයින් එදින පෙ.ව. 8.30 පෙර පැමිණ ලියාපදිංචි වන ලෙස දැනුම් දෙන අතර, තම ජීව දත්ත පත්රිකා කිහිපයක්ද රැගෙන එන ලෙසද සංවිධායක මණ්ඩලය දැනුම් දෙයි.
AP/DMU-Kandy