නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීන තාක්ෂණික හා මුද්‍රණ කර්මාන්තය පිළිබඳ අධ්‍යයනයට ජනමාධ්‍යවේදීන්ට අවස්ථාවක්

    නොවැම්බර් 17, 2015

    ශී‍්‍ර ලංකාවේ රජයේ සහ පෞද්ගලික මාධ්‍ය කේෂ්ත‍්‍රයේ අය වෙනුවෙන් විශේෂිත වැඩමුළුවක් සඳහා චීනයට යාමට අවස්ථාව ලබා දීමට කටයුතු කරන බව චීනයේ ජාතික ප‍්‍රකාශන ප‍්‍රවර්ධන සංගමයේ සභාපති Guo - Zhaojin  මහතා අද පෙරවරුවේ (17) ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය සහ ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා හමු වූ අවස්ථාවේදී ප‍්‍රකාශ කළේය.

    ශී‍්‍ර ලංකාව සේද මාවතේ ඉතා වැදගත් රටක් වන අතර විශේෂයෙන් චීනය පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා දීම මෙහි මූලික අරමුණ බව ඒ මහතා සඳහන් කළේය. විශේෂයෙන් අප රට තුල කි‍්‍රයාත්මක කෙරෙන තාක්ෂණික ක‍්‍රමවේද මෙන්ම මුද්‍රණ කර්මාන්තය පිළිබඳවත් දැනුමක් අවබෝධයක් ලබා දීම මෙම සංචාරයේ ප‍්‍රධාන කාර්යභාරය වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

     

    මෙම අවස්ථාවට බෙයිජින් විදෙස් අධ්‍යාපනික විශ්ව විද්‍යාලයේ (Beijing Foreign Studies University) Ma - Zhongwu මහතා ඇතුළු නියෝජිත පිරිසක් සහ ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වජිර නාරම්පනාව, ජාතික රූපවාහිනි සංස්ථාවේ සභාපති නීතිඥ රවී ජයවර්ධන, ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති නීතිඥ නන්ද මුත්තෙට්ටුව මහත්වරු සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya