ගාල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම අංශය විසින් මෙම වැඩසටහන සංවිධානය කොට තිබුණු අතර තරුණ කෘෂි ව්‍යවසායකයින් සහ කෘෂිකර්ම සංවර්ධන නිලධාරීන් 60ක පමණ පිරිසක් මේ සඳහා සහභාගී වී සිටියහ .
කළමාණාකාරිත්වය, නායකත්වය, සහ ස්වකීය කුසලතා ඔප් නංවා ගත හැකි ක්‍රමවේද කවරේද යන්න පිළිබඳව මෙහි දී දැනුවත් කිරීම සිදු විය.
මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය හම්බන්තොට දිස්ත්‍රික් සැලසුම් අධ්යක්ෂ, ශ්‍රී ලංකා පරිපාලන සංවර්ධන පුහුණු ඒකකයේ බාහිර දේශකයෙකු ලෙස කටයුතු කරනු ලබන ඩබ්.ඩබ්.එස් මංගල මහතා විසින් සිදු කරනු ලැබිණි.
AP/DMU-Galle