නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වර්ෂාවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ පවුල් 84 ක් විපතට පත්වේ

    නොවැම්බර් 17, 2015
    මේ දිනවල ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව නිසා මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල දඹුල්ල,උකුවෙල,පල්ලේපොල, සහ නාඋල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ තුළ පවුල් 84 ක් විපතට පත් විමෙන් පුද්ගලයින් 258 ක් සහන කඳවුරුවල රඳවා ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ චමින්ද අමරවීර මහතා පැවසීය.
    දිස්ත්‍රික් ලේකම් නීල් ද අල්විස් මහතාගේ උපදෙස් මත සහන සේවා ක්‍රියාත්මක වන අතර  දැනට අවතැන් වි සිටින පවුල් 40 ක් යටිගල්පෙත්ත කඳවුරේද පවුල් 44 ක් පුවක්පිටිය කඳවුරේද රඳවා සිටින අතර ඔවුනට අවශ්‍ය ආරක්ෂාව සහ සහනාධාර ලබා දිමට කටයුතු සංවිධානය කොට ඇත.
     
    මේ අනුව දඹුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ නිවාස 4 ක් පුර්ණ හානියට පත්ව ඇති අතර දඹුල්ල 6 ක් ද නාඋල 01 ක්ද පල්ලේපොල 01 ක්ද වශයෙන් නිවාස 08 අර්ධ හානියට පත්ව ඇත. 
     
    AP/DMU-Matale
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya