නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වවුනියාවේ මාර්ග 4 ක ගමනාගමනය නවතී

    නොවැම්බර් 16, 2015

    අධික වර්ෂාවත් සමඟ වාන් ජලය පිටවීම නිසා‍  වවුනියාවේ මාර්ග 4 ක ගමනාගමනය නවතා ඇත. වවුනියාව - සෙට්ටිකුලම මාර්ගය , උළුක්කුලම් -වවුනියා මාර්ගය, නෙළුම්කුලම් - පම්පමඩු මාර්ගය සහ උළුක්කුලම -අවුසදපිටිය යන මාර්ග මෙලෙස ජල ගැලීම් නිසා ගමනාගමනය නවතා ඇති මාර්ගයන්ය.

    පාවක්කුලම් වැවේ වාන් දොරටු 4 ම අඩිය බැගින් ඊයේ විවෘත කිරීමෙන් පසු ඒ අවට ප්‍රදේශ ජලයෙන් යටවී ඇත.අද දිනයේද පාවන්කුලම්. සෙට්ටිකුලම් ජනතාවට අවධානයෙන් සිටින ලෙස වවුනියා දිස්ත්‍රික් ලේකම් එම් කේ. බන්දුල හරිශ්චන්ද්‍ර මහතා දන්වා සිටී.
     
    අද දිනයේද උතුරු පළාතට වැසි සහිත කාලගුණික තත්ත්වයක් පවතී.මේ වන විට වවුනියා දිස්ත්‍රික්කයේ පවුල් 241 කට අයත් සාමාජිකයන් 836 ක් ජල ගැලීම් නිසා අවතැන්වී ඇතැයිද එම්.කේ.බන්දුල හරිශ්චන්ද්‍ර මහතා පැවසීය.
     

    AP/DMU- Vavuniya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya