නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගම්පහ මත්ද්‍රව‍්‍ය නිවාරණ දිස්ත්‍රික් නායකයින් පුහුණු කරයි

    නොවැම්බර් 16, 2015

    ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් ඒකකය මගින් සැලසුම් කරන මත්ද්‍රව්‍ය නිවාරණ ක්‍රියාකාරකම් සඳහා දිස්ත්‍රික් නායකයින් පුහුණු කිරීමේ ගම්පහ දිස්ත්‍රික් වැඩමුළුව පසුගිය 13 හා 14 දෙදින ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවත්විණි.

    මෙම වැඩසටහනට ගම්පහ දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය නිවාරණ නායකයින් 250 දෙනෙකු ඉලක්ක කර ගනිමින් පවත්වනු ලැබූ අතර එයින් 15 බැගින් වූ කණ්ඩායම් දෙකකට පුහුණුව ලබා දී ඇත.

    මෙම ඉලක්ක කණ්ඩායමට ප්‍රදේශිය ලේකම් කාර්යාල නිලධාරීන්, විහාරාධිපති ස්වාමීන්වහන්සේලා, ග්‍රාම සේවක නිලධාරීන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්, දහම් පාසල් ගුරුවරුන් හා කොට්ඨාසයේ සමාජ ක්‍රියාකාරකයින් ඇතුළත් වේ.

    එම වැඩසටහනට පාර්ලිමේන්තු මන්ත්‍රි ජූජ්‍ය අතුරලියේ රතන හිමි ඇතුළු මහා සංඝරත්නය ද, ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත්, අතිරේක දිස්ත්‍රික් ලේකම් අසන්ත ගුණසේකර, සහකාර දිස්ත්‍රික් ලේකම් ඩබ්.පි. පි. ඉන්දික යන මහත්වරුන් ඇතුළු දිස්ත්‍රික්කයේ ප්‍රදේශිය ලේකම්වරුන්ද, රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.

     

    kpm_DMU_Gampaha

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya