මෙම මස 14 වෙනි දිනට යෙදී තිබෙන ලෝක දියවැඩියා දිනය නිමිත්තෙන් ජාතික අක්ෂි රෝහලේ විශේෂ අක්ෂි සායනයක් අනිද්දා (16) පෙ.ව.8.00 සිට ප.ව.12.30 දක්වා පැවැත් වේ.
විශේෂයෙන් දියවැඩියා රෝගීන් ඉලක්ක කර ගෙන පවත්වනු ලබන මෙම අක්ෂි සායනය දියවැඩියාව නිසා ඇතිවන අන්ධභාවය (Diabetic Retinopathy) වළක්වා ගැනීමේ අරමුණින් පැවැත්වේ.
මෙහිදී දියවැඩියාව නිසා ඇතිවන අන්ධභාවය වළක්වා ගැනීම මෙන්ම රෝගීන් පරීක්ෂාව, ලේසර් ප්‍රතිකාර වැනි අති නවීන ප්‍රතිකාර ක්‍රම එදිනම ලබා දීමටත් කටයුතු යොදා ඇතැයි ජාතික අක්ෂි රෝහල පවසයි.
මෙම විශේෂ අක්ෂි සායනය සඳහා දියවැඩියා රෝගයෙන් පෙළෙන ඕනෑම අයෙකුට පැමිණ ප්‍රතිකාර ලබා ගත හැකි අතර අක්ෂි ශෛල්‍ය විශේෂඥ වෛද්‍යවරු රැසක් මෙම අක්ෂි සායනයට සහභාගී වීමට නියමිතය.