ඊයේ (09) උදෑසන 9.00 සිට 12 වනදා පස්වරු 2.00 දක්වා කෝට්ටේ ශ්‍රී නාග විහාරස්ථානය ඉදිරිපිට මාර්ගයේ පහත පරිදි විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියත්මක කර තිබේ.
එම කාලය තුළ පිටකෝට්ට හංදියේ සිට ජුබිලි කනුව දක්වා එම දෙසට ගමන් ගන්නා මාර්ග තීරුව එම දෙසට වාහන ගමනාගමනය සඳහා විවෘත පවති. නමුත් එම මංතීරුව තුළ වාහන නතර කිරීම කළ නොහැක.
ජුබිලි කානුව සිට පිටකෝට්ට දෙසට වූ මංතීරුව එම දිශාවට වාහන ගමනාගමනය සඳහා සීමා කර තිබේ.
ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා බැතිමතුන් රැගෙන මහරගම සිට ඇඹුල්දෙණිය හරහා පිටකෝට්ට දෙසට පැමිණෙන වාහන ගම්සභා හංදිය, දෙල් කඳ හංදිය සිට පරණ කැස්බෑව හංදියෙන් පැමිණෙන වාහන ද බැතිමතුන්ව ජුබිලි කණුව හංදියෙන් බස්සවා එම වාහන ස්ටෑන්ලී තිලකරත්න මාර්ගයේ නවත්වා තැබිය හැක.
හයිලේවල් මාර්ගයෙන් පැමිණ නුගේගොඩ හරහා බැතිමතුන් රැගෙන පැමිණෙන වාහන පාගොඩ මාර්ගය ඔස්සේ පැමිණ පිටකෝට්ට හංදියෙන් බැත්මතුන් බස්සවා සිරිකොත අසළ සිට මාදිවෙළ පාරේ එම වාහන නැවැත්වීමට හැක.
කෝට්ටේ කුළුන හංදියේ සිට කෝට්ට පාර ඔස්සේ පැමිණෙන වාහාන සිරිකෝත හංදියෙන් වාහන බස්සවා එම වාහන මාදිවේල පාරේ නවතා තැබිය හැකිය.
තළවතුගොඩ සිට මාදිවේල පාරේ පැමිණෙන වාහන පිටකෝට්ට හංදියෙන් බැතිමතුන් බස්සවා කුළුන හංදිය දෙසට ගමන් කර බැද්දගාන පාරෙන් ආන්නද ශාස්ත්‍රාල පිටිය අසලට පැමිණ මාදිවේල පාරේ එම වාහන නැවැත්වීමට හැකිය.
ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මහා සංඝරත්නය වැඩම කරවීමට පැමිණෙන වහන සඳහා කෝට්ටේ රජමහා විහාරය ඉදිරිපිට වාහන නැවතුම් සූදනම් කර ඇත.
කෝට්ටේ රජමහා විහාරය අසළ සිටින බැතිමතුන් පැමිණීමේදී ඔවුන්ගේ වාහන නවතා තැබීම සඳහා කෝට්ටේ රජමහා විහාරය පිටුපසින් ඇති ඉසුරු දේවප්‍රිය ක්‍රීඩංගනය සූදානම් කර ඇත.