වසරක කාලයක් මුද්‍රා නොතැබූ දෙවන පන්තියේ ඉලෙක්ට්‍රොනික් තරාදි වලින් බඩු කිරා විකිණීම පිණිස ලඟ තබා ගැනීම මෙම වැටලීම් වලදී සොයා ගැනීමට හැකි විය.මෙම ස්ථානවල සියලුම ආයතන මීට පෙර ගෙන්වා පවත්නා නීති පිළිබදවත්,උපකරණ භාවිත කළ යුතු ආකාරය පිළිබදවත් දැනුවත් කළ ද එම උපදෙස් නොසලකා හැර ඇති බව ද මෙහිදී සොයා ගැනීමට හැකි වී ඇත.
මෙලෙස වැටලීම් කර ආයතන 3 ක් අළුත්කඩේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු, වරද පිළිගත් එක් ආයතනයකට රුපියල් 1000 බැගින් ආයතන තුනට රුපියල් 3,000 ක දඩ නියම කරන ලදී.
AP/DMU-Colombo