නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉහල කන්ද ආදර්ශ නිවාස ව්‍යාපෘතිය ඇරඹේ

    නොවැම්බර් 09, 2015

    අඩු ආදායම් ලාබී ජනතාව වෙනුවෙන් නිවාස ලබාදීම සඳහා ඉහල කන්ද ආදර්ශ නිවාස ව්‍යාපෘතිය පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක අතින් ඊයේ (08) ආරම්භ විය.

    බෙන්තර ඇලිපිටිය ප්‍රදේශයේ ​(​​ඉහල කන්ද ​) ​සුදුසු ඉඩමක් තෝරා මෙම ව්‍යාපෘතිය ආරම්භ වූයේ ​​​​ඇමති ගයන්ත කරුණාතිලක අතින් පළමු නිවාසය සදහා මුල්ගල තැබීමෙන් පසුවය.

     

    මෙම ප්‍රදේශයේ ජීවත්වන නිවසක් තනා ගෙන තමන්ගේ නිවසක ජීවත්වීමේ වාසනා නොමැති අඩු ආදායම් ලාබී ජනතාව වෙනුවෙන් නිවාස ලබාදීම සඳහා මෙම ව්‍යාපෘතිය නිර්මාණය කෙරිණි. ඒ  ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමති ගයන්ත කරුණාතිලක මහතාගේ මූලිකත්වය හා මගපෙන්වීම මතිනි.

     

    ආසනයේ නිවාස නොමැති පවුල් තෝරා නිවාස හිමිකාරත්වය ලබාදීම වෙනුවෙන් එම විෂය භාර අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ පූර්ණ සහයෝගයෙන් කටයුතු දියත් කිරීමට ඇමතිවරයා පියවර ගෙන ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya