නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදුලි මනු දේශීයව නිෂ්පාදනයට පියවර

    නොවැම්බර් 08, 2015
    ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය සහ පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස දේශීය වෙළඳපොළට අවශ්‍ය සුහුරු විදුලි මනු (Smart Electric Meters) නිෂ්පාදනය කොට සංවර්ධනය කිරීම සඳහා වූ ව්‍යාපෘතියක් ආරම්භ කිරරීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය තීරණය කොට ඇත.
     
    මෙම ව්‍යාපෘතිය සඳහා රජය මගින් රුපියල් මිලියන 49.2ක මුදලක් වෙන් කරනු ලැබේ.
     
    සුහුරු විදුලි මනු භාවිතය මඟින් විදුලි ඉල්ලුම වඩාත් හොඳින් කළමනාකරණය කරගැනීමට උපකාරී වනවා සේම විදුලි පරිභෝජනය ස්වේච්ඡාවෙන් පාලනය කරගැනීමට පාරිභෝගිකයන් දැනුවත් කිරීම, දුරස්ථ වායු සමීකරණ ඇති යන්ත්‍රවල ක්‍රියාකාරිත්වය පාලනය කිරීම ආදී සේවාවන් ද සපයනු ලැබේ. ‍
     
    පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ විශාල දියුණුවක් ළඟා කරගෙන ඇති අතර, මේ වන විට දිවයින පුරා අඛණ්ඩව පැය 24 තුළ ම විදුලිය ලබා දෙමින් 100% කට ආසන්න විදුලිය ආවරණයක් ලබා දීමට කටයුතු කර ඇත. 
     
    ලෝකයේ විදුලිබල තාක්ෂණය දිනෙන් දින නවීකරණය වෙමින් පවතින අතර, විදුලිය නිෂ්පාදනය, බෙදාහැරීම හා භාවිතය උසස් තාක්ෂණික ක්‍රමවේද අනුගමනය කිරීම තුළින් කාර්යක්ෂම කිරීම මඟින් ජාතික ආර්ථිකයට විශාල ලෙස ප්‍රතිලාභ අත් කරගත හැකිය. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya